• 300 Temple Rd, Thalapathpitiya, Sri Jayavardhanapura.
  • 0114 752 525
  • info@skinbliss.lk
300 Temple Rd, Thalapathpitiya, Sri Jayavardhanapura.

SKIN BLISS CLINIC

SKIN BLISS CLINIC යනු චර්ම රෝග (සමේ රෝග) වෙනුවෙන්ම ස්ථාපිත කළ, වෛද්‍ය පරීක්ෂාවන්, රෝග විනිශ්චයන් සහ වෛද්‍ය ප‍්‍රතිකාරයන් සිදු කරන වෛද්‍ය ආයතනයක්. අප සමඟ එක්ව සිටින රජයේ වෛද්‍ය සභාවේ පිළිගත් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සහ රූපලාවණ්‍ය විශේෂඥයන් එකම වහලක් යට ඔබට විවිධ ප‍්‍රතිකාර රැසක් ඉහළම සේවාවක් සමඟ ලබාදෙන්නේ ක්‍ෂේත‍්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද ද සමඟින්. SKIN BLISS CLINIC අපි, ඔබේ සම පිටතින් මෙන්ම ඇතුළතින් ද ආරක්ෂා කරමින් නවීනතම පහසුකම් සමඟින් ඔබට රූපලාවණ්‍ය සහ චර්ම රෝග පිළිබඳ සේවාවන් රැසක් ලබාදෙනවා.

අපගේ නිර්මාතෘවරයා

විශේෂඥ වෛද්‍ය අසෝක කමලදාස

විශේෂඥ වෛද්‍ය අසෝක කමලදාස අද අපේ රටේ චර්ම රෝග පිළිබඳ සිටින ජ්‍යෙෂ්ඨතම විශේෂඥ වෛද්‍යවරයෙක්. ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමී වෛද්‍යවරයෙක් ලෙස අපේ රටේ චර්ම රෝග වෙනුවෙන්ම කැපවුණු විධිමත්, නවීන පහසුකම්වලින් සමන්විත සහ විශිෂ්ටත්වයට මුල්තැන දෙන වෛද්‍ය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වුවමනාව ඔහුට බොහෝ කාලයක් තිස්සේ තිබුණා. ඔහුගේ ඒ දැක්ම සමඟින් ආරම්භ කළ SKIN BLISS CLINIC ආයතනය නව පරපුර ගැන විශ්වාසයෙන් යුතුව ඔහු කාර්යක්ෂම සහ නූතන තාක්ෂණය සමඟ පෙරට යන තරුණ කළමනාකාරිත්වයකට භාර දී තිබෙනවා. ඔහුගේ මඟපෙන්වීම සහ සකී‍්‍රය දායකත්වය සමඟින් ආයතනය ඉදිරියට ගෙන යන නව කළමනාකාරිත්වයේ අරමුණ වන්නේ ද ඔහුගේ දැක්ම පෝෂණය කරමින් පෙරටම රැගෙන යාමයි. නවීනතම සොයාගැනීම් සහ 21 වන සියවසේ තාක්ෂණය භාවිත කරමින් අලූත් පරම්පරාව තම දැක්ම ආරක්ෂා කරමින් එය ජීවමාන කරන බවට දැඩි විශ්වාසයක් විශේෂඥ වෛද්‍ය අසෝක කමලදාස මහතා සතුව තිබෙනවා. ඒ විශ්වාසය මත පිහිටමින් නිරන්තරයෙන්ම වැඩි දියුණු කිරීම් කරමින් නූතන තාක්ෂණය යොදාගනිමින් අපගේ රෝගීන්ට පමණක් නොව වෛද්‍යවරුන් ඇතුළු සියලූම දෙනාට පහසු, කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපේ අරමුණයි.

චර්මරෝග සඳහා ලබාගත හැකි ප්‍රතිකාර

  • කුරුලෑ සඳහා ප්‍රතිකාර
  • සම වියලීම සදහා ප්‍රතිකාර
  • ළමා චර්ම රෝග සඳහා
  • ඉන්නන් ඉවත් කිරීම
  • ශරීරයේ දහඩිය දුගඳ සඳහා ප්‍රතිකාර
  • සමේ Biopsy පරීක්ෂණ
  • අත්පා වලට අධික ලෙස දාඩිය දැමීම සඳහා ප්‍රතිකාර
  • සමේ රැලි වැටීම හා කැලැල් සඳහා ප්‍රතිකාර
  • සමේ කුඩා ගැටිති වැනි දෑ ඉවත් කිරීම


ඔබ SKIN BLISS CLINIC තෝරාගත යුත්තේ ඇයි ?

චර්ම රෝග කියන දේ අපගේ පෞද්ගලිකත්වය සමඟ ඉතා දැඩිව සම්බන්ධ වී තිබෙනවා. ඇතැම් විට අපි වෙනත් අය දැනගනීවී යන බිය සහ චකිතය නිසා චර්ම රෝග ගැන වෛද්‍යවරුන්ටත් නොකියා සඟවාගෙන ඉන්නවා. මේ තත්ත්වය ගැන අපට හොඳ අවබෝධයක් තිබෙනවා. අප වෙත පැමිණෙන රෝගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම ගැන මනා සැලකිල්ලක් යොමු කර එයට වැඩි ප‍්‍රමුඛත්වයක් අප ලබා දෙන්නේ ඒ නිසයි. අපගේ වෛද්‍ය ආයතනය පිහිටා තිබෙන වටපිටාව ද ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට උපකාරී වන ලෙසින් සැකසී තිබෙනවා.

අපගේ සේවාවන්